කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ කුළුබඩු තොග අලෙවි සැලකට සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සූදු පොළකට ආයුධ සන්නද්ධව ඇතුළු වූ 9 දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් මුදල් කොල්ලකා පළා යන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි සහ කඩු කිහිපයක්ද ඔවුන් භාරයේ තිබී සොයා ගෙන තිබෙනවා.
