Gossips

මුදල් ඒකකය වෙනස් කිරීමෙන් වෙනිසියුලාවේ ආර්ථිකය කඩා වැටේ

මෙතෙක් භාවිතා කළ මුදල් ඒකකය වෙනස් කිරීම හේතුවෙන් වෙනිසියුලාවේ ආර්ථික කඩා වැටී තිබෙනවා.
බොලිවර් ලෙස හදුන්වන මෙතෙක් භාවිතා කළ මුදල් ඒකකය වෙනුවට සවරින් බොලිවර් ලෙස නව මුදල් ඒකකයක් ඊයේ සිට හදුන්වා දීමට ජනපති නිකොලොස් මදුරෝ කටයුතු කරනු ලැබුවා.
මෙම නව මුදල් ඒකකයට එරට ව්‍යාපාරිකයන් සිය විරෝධය පළ කරන අතර මේ නිසා අද දිනයේ කිසිදු ව්‍යාපාර කටයුත්තක් සිදුව නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නව මුදල් ඒකකයට විරෝධය පළ කරමින් ව්‍යාපාරික ස්ථාන දහස් ගණනක් වසා දමා තිබූ අතර ජනපති මදුරෝ ප්‍රකාශ කළේ රටේ පවතින උද්ධනමය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස නව මුදල් ඒකකයක් හදුන්වා දෙනු ලැබූ බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය රටට අවාසිදායක වනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.