Gossips

මුදල් ඉල්ලා අදත් ETI ගණුදෙනුකරුවන් විරෝධතාවක

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි.ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවුණා.
එහිදී ආයතන බලධාරින්ට ගණුදෙනුකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
කෙසේ වෙතත්, අද දිනයේත් ඒ සම්බන්ධව සාකච්ඡා පැවති අතර, එළඹෙන 28 වනදා ශ්‍රී ලංකා මහබැංකුව, ඊ.ටී.අයි මූල්‍ය සමාගම හා ගණුදෙනුකරුවන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
පසුගිය මස 29වනදා ආයතන හිමිකරුවන් සියලූම මුදල් මෙම මස 30 වනදා අනිවාර්යයෙන්ම පියවන බවට ගණුදෙනුකරුවන්ට පොරොන්දු වුණා.