රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්, ධුරයෙන් ඉවත් කර නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු එම ධුරයට පත් කළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා විසින් ඉවත් කරගත් බවයි අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
