මුතුරාජවෙල තෙත් බිම් අභයභූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
මීගමුව කලපුවට දකුණු දෙසින් අක්කර 7580ක භූමි භාගයක පැතිරුණු මුතුරාජවෙල තෙත් බිම් අභයභූමිය මීට වසර 7000කට පමණ පෙර බිහි වන්නට ඇතැයි සැලකෙනවා.
ජෛව විවිධත්වයෙන් පොහොසත් මෙහි ආවේණික ශාක සහ සත්ත්ව විශේෂ 400කට අධික සංඛ්‍යාවක් පැවතීම විශේෂත්වයක්.
තුරුලතා සංරක්ෂණ පනත යටතේ මුතුරාජවෙල අභයභූමිය 1996 වසරේදී තෙත් බිම් අභයභූමියක් ලෙස නම් කෙරුණා.
එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු දැනටමත් සකස් කරමින් පවතින බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම සඳහන් කළේ.