Gossips

මුතුරාජවෙල ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමේ

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හට ගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.
වත්තල පොලීසිය සඳහන් කළේ ගුවන් හමුදාව, පමුණුගම පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඊයේ රාත්‍රිය වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමූ බවයි.
පෙරේදා පස්වරුවේ හට ගත් ගින්න නිවීම සඳහා එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදාගනු ලැබුවා.