Gossips

මුතුරාජවෙල අක්කර 400ක් ගොඩ කිරීමේ සැලසුමක් – පරිසරවේදීන් හෙලිකරයි

මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක භූමි ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සදහා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතනයකට අවසර ලබාදී ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා.
හෙක්ටයාර් 1028කින් සමන්විත අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් භූමි ප්‍රමාණයකුයි මෙලෙස ගොඩ කිරීමට අවසර ලබා දී ඇත්තේ.
අප මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඵලදා අලෙවි අංශයෙන් විමසීමක් කළ අතර, එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මුතුරාජවෙල අභය භූමියට අයත් භූමි ප්‍රමාණයක් මෙලෙස පෞද්ගලික ආයතනයක් සඳහා ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, එය වගුරු බිමක් බැවින් ගොඩ කිරීම සදහා අවසර ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඇය සදහන් කළා.