Gossips

මුතුපන්තිය ඛාදනය වෙයි

වයඹදිග මුහුදු තීරයේ සිදුවන මුහුදු ඛාදනය පසුගිය කාලසීමාවේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කළේ මාඔයේ අනවසර වැලි ගොඩදැමීම් මෙන්ම මුහුදු ජල මට්ටම ඉහළ යාම ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
හලාවත – මුතුපන්තිය දූපත ඊයේ (16) පෙරවරුවේ සිට උග්‍ර මුහුදු ඛාදනයකට ලක්වෙමින් පවතින බවට හිරු ප්‍රවෘත්ති මගින් ඊයේ අනාවරණ කළා.
ඊට පිළිතුරු ලබාදෙමිනුයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ.
ගල්වැටි නිසි පරිදි නොදැමීම හේතුවෙන් මෙලෙස මුහුදු ඛාදනය ඉහළ ගොස් ඇති බවටයි ප්‍රදේශයේ ජනතාව එහිදී චෝදනා කළේ.