Gossips

මුජිබර්ට ෆයිසර්ගෙන් පිළිතුරු

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර එම ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට තමා සම්බන්ධ නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ නාගරික කොමසාරිස්වරයා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පැවැත්වූ විරෝධතාව අතරතුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
කොළඹ මහ නගර සභාවේ වෘත්තිය සමිති බලමුළුව මගින් ඊයේ සංවිධානය කර තිබු මෙම විරෝධතාව පැවැත්වුණේ මහා නගර සභා පරිශ්‍රයේ්දියි.
කෙසේ වෙතත්, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ අදාළ සිදුවීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් තීරණයකට අනුව සිදුවූවක් බවයි.
කොළඹ මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලෙස එහි නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරන ලලිත් වික්‍රමරත්න පත්කිරීමට ඊයේ පියවර ගත්තා.
මීට පෙර එම ධුරයේ කටයුතු කළ වී.කේ. ඒ. අනුර පසුගියදා ඉවත් කරනු ලැබුවේ මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ජනාධිපති විමර්ශන වාර්තාව පදනම් කරගනිමින්.