මුකුණුවැන්නවලට සමාන කිඹුල්වැන්න නම් අහිතකර පලා වර්ගයක් යළිත් වරක් දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා.
අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කරගන්නා මෙම පලා වර්ගය අනුභවයෙන් වකුගඩු ආබාධ ඇතිවිය හැකි බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්ගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර කිඹුල්වැන්න නැමති අහිතකර පලාවර්ගය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවී තිබුණත් එය යළිත් ව්‍යාප්ත වන බව වාර්තාවී නොමැති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයාබලන බවයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.