Gossips

මී උණ රෝගය ඉහළ යාමේ අවදානමක්

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පසුගිය දින 12 තුල මී උණ රෝගීන් 68 දෙනෙකු වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මීට අමතරව මෙම වසරේ ඔක්තෝම්බර් 12 වනදා දක්වා කාලසීමාව තුළ දිවයිනෙන් වාර්තා වූ සමස්ත මී උණ රෝගීන් සංඛ්‍යාව 3303ක්.
මී උණ රෝගීන් වැඩි සංඛ්‍යාවක් රත්නපුරය දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 555 ක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.