Gossips

මී උණ රෝගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්

මී උණ රෝගය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මරණ 19ක් වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එම්. සරීඞ් පවසනවා.
පොල්පිතිගම, රීදීගම සහ මහව යන ප්‍රදේශවලින් තවත් රෝගීන් 187ක් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදී ඇති උපදෙස් අනුව ගොවීන් කටයුතු කරන්නේ නම් මී උණ රෝගය බෝවීම වළක්වා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.