Gossips

මීළඟ මාරාන්තික වසංගතය ‘‘නිපා’’ කේරළයේ

පළතුරු වවුලන් ඇතුලු සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගයක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීළඟ වසංගත රෝගය විය හැකි බවට නම් කර ඇති නිපා වෛරස් රෝගයෙන් මේ වනවිටත් කේරළයේ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 25 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති නිපා වෛරස් රෝගය වැළඳෙන සියයට 70 ක් මියයන බව සඳහන්.