ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට සිදුකරන ප්‍රකාශ වලට පිළිතුරු දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ රටේ දේශපාලන සංවාද තුළ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ මීළඟ අගමැතිවරයා කවුරුන් ද යන්න පිළිබඳව බවයි.