අදට යෙදී ඇති ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව බදුල්ල – කොස්ලන්ද – මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයෑමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 157 ක් අද ජනතා අයිතියට පත් කෙරුණා.
කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මැදිහත්ව මෙම නිවාස ඉදිකර ඇති අතර, එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැය කර තිබෙනවා.
