Gossips

මීතොටමුල්ල නායයෑමෙන් විනාශයට පත් වාහන සඳහා වන්දි ගෙවීමට කමිටුවක්

මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් විනාශයට පත්වූ වාහන සඳහා වන්දි ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති, ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විතයි.
මේ අතර මීතොටමුල්ල කුණුකන්දේ ඊයේ (18) සිදුවූ ඉරිතැලීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් සපයන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් මූලික වාර්තා මගින් එය බරපතල තත්ත්වයක් නොවන බව දැනුම්දී ඇති බවද විදුලිබල හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.