Gossips

මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳව වාර්තාව ජනපතිට

මීතොටමුල්ලට කසළ බැහැර කිරීම සඳහා බාහිර ආයතන වෙත ලබාදී ඇති මුදල් 2015 සහ 2016 වසරවලදී අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව අනාවරණ කරනවා.
2014 වසරේ ඒ සඳහා රුපියල් මිලියන 64 ක් වැය කර ඇති අතර, එය 2015 වසරේදී මිලියන 182 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
2016 වසරේදී එය රුපියල් මිලියන 232 දක්වා ඉහළ යෑමද විශේෂත්වයක්.
අදාළ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා.
මෙම වාර්තාව මගින් මීතොටමුල්ල කසළ බැහැර කිරීම පිළිබඳ කෙටිකාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එහිදී බස්නාහිර පළාත තුළ කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම කසළ දාහක ඉදිකිරීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු සඳහන් කර තිබෙන අතර මෙම කමිටු වාර්තාවට අනුව අදාළ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යංශ හා ආයතන වෙත උපදෙස් ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.
ආරම්භයේ සිටම මෙම කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙලක් අනුගමනය නොකිරීම සහ විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම ද මෙම ඛේදවාචකයට හේතු වූ බව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.
පසුගිය වසරේ අප්‍රේල් මස 14 වනදා මීතොටමුල්ල කසල කන්ද නායයාම හේතුවෙන් පුද්ගලයන් 30 කට ආසන්න පිරිසක් මියගොස් තවත් පිරිසක් අතුරුදන් වූවා.



මීතොටමුල්ල කුණු කන්ද නායයන ආකාරය