මීතොටමුල්ල කුණුකන්ද නාය ගොස් වසරකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් ඉන් විපතට පත්වූවන් කිසිදු වන්දි ගෙවීමක් සිදු නොකල බවට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.
කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ සංවිධායක නිතිඥ නුවන් බෝපගේ සහ කැඳවුම්කරු ශාන්ත ජයසිංහ මේ බව කියා සිටියා.
එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුවට මාසයක පමණ කාලයක් ලබාදෙන බවයි.