Gossips

මීතොටමුල්ලේ අක්‍රමිකතා ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයාට සංදේශයක්

මීතොටමුල්ල කසල කන්ද නායයාම පසුපස බලධාරීන් සහ නිලධාරීන් සිදුකළ අක්‍රමිකතා පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලමින් කොළඹ මහ නගර සභා මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය ඇතුළු පිරිසක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට අද සංදේශයක් භාරදුන්නා.
අලුත් අවුරුදු උදාව සමරමින් සිටි පුද්ගලයින් 32 දෙනෙකු කසලවලට යට කරමින් මීට දෙවසරකට පෙර මීතොටමුල්ල කසල කන්ද නායයාම පසුපස තිබූ දූෂණවලින් පිරි අභ්‍යන්තර කථාව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගිය 14 සහ 15 යන දිනවලදී හෙළි කළා.
ඒ, විගනකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන ඔස්සේ අනාවරණ වූ, බලධාරීගේ දූෂණ, අක්‍රමිකතාද ගෙන හැර දක්වමින්.
එම ප්‍රවෘත්තිය විකාශය වීමෙන් අනතුරුව අද කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්, පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා වෙත සංදේශයක් භාර දුන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලමින්.

rn