මීටියාගොඩ – වැරැල්ලාන ප්රදේශයේ ඉන්ධන හලක් කොල්ලකෑ පුද්ගලයන් හතරදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් පසුගිය හතරවනදා අදාළ ඉන්ධන හලේ සේවකයින්ට ගිනි අවි පෙන්වා රුපියල් දෙලක්ෂ පනස් තුන්දහස් අටසිය පනස් එකක මුදලක් කොල්ලකා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 සහ 27 හැවිරිදි වයස්වල පසුවන කටුවන – කොස්ගොඩ සහ ඌරගස්මංහන්දිය යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, එක් සැකකරුවෙකු හිටපු යුද හමුදා සෙබළෙකුද වනවා.
ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.