මීගමුව මහ රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර පාන සකසන මුළුතැන්ගෙය දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුනා.
ඒ පිළිබදව සොයාබැලීමට ගිය හිරු සී.අයි.ඒ.කණ්ඩායමට දැක ගත හැකිවුයේ මුළුතැන්ගෙයි ඇතැම් ස්ථාන මෙරට ඇතැම් පොදු වැසිකිලිවලටත් වඩා අන්ත තත්ත්වයක පවතින බවයි.
මුළුතැන්ගෙයි ඇතුලතම ස්ථාපිත කර ඇති ආහාර පිසීමේ කටයුතු සදහා ජලය ලබාගන්නා මෙම ජල ටැංකිය දෙපස පවතින්නේ අතිශය අපිරිසිදු තත්ත්වයකයි.
මේ මුළුතැන්ගෙය වටා ඇති කාණු පද්ධතියේ සති ගණනාවක් ජලය පල්වන අයුරුයි.