මාර්ග අංක 240 මීගමුව – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද (15) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ හලාවත – කොළඹ බස් රථ සේවකයෙකු මීගමුව – කොළඹ මාර්ගයේ තවත් සේවකයෙකුට ඊයේ (14) පස්වරුවේ සිදුකළ පහරදීමකට එරෙහිව මෙම වර්ජනය ක්රියාත්මක බවයි.
පහර කෑ පුද්ගලයා මේ වනවිට මීගමුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබනවා.