මීගමුව – කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වන විට අත්හිටුවා ඇති ජල සැපයුම අද (08) මධ්‍යම රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අද (08) අලූයම සිට මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කටාන මංසන්ධිය, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් තොටුපළ හා කටුනායක ගුවන් හමුදා කදවුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.