Gossips

මීගමුවේ ව්‍යාජ කච්චේරියක් වටලයි

යුරෝපීය රටවලට පුද්ගලයින් යැවීම සඳහා වීසා බලපත්‍ර ඇතුලූ ලිපිලේඛණ සකස් කළ ව්‍යාජ කච්චේරියක් මීගමුව – වැල්ල වීථිය ප්‍රදේශයේදී අද වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් එම ව්‍යාජ කච්චේරිය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.
ඒ අනුව රබර් මුද්‍රා කිහිපයක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන ඇතුලූ ලියකියවිලි කිහිපයක් මෙහිදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධියට ආධාර අනුබල ලබාදෙන බව කියන විදේශ රටක සිටින පුද්ගලයෙකු පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කළ බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.