මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ආචාර්යවරයෙකු විසින් එම විදුහලේ උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ සහ ඡායාරූප පෙන්වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් ඊයේ දිනයේ එම පාසලේ සංවර්ධන සමිතියේ විසින් කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් චෝදනා කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් මේ වනතෙක් අදාළ ගුරුවරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප එම විද්‍යාලයේ විදුහල්පතිනිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූවා.
