Gossips

මීගමුවේදී ව්‍යාපාරිකයෙකුගෙන් මැණික් සහ මුදල් කොල්ලකයි

මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී ව්‍යාපාරිකයෙකුගෙන් මැණික් ගලක් සහ රුපියල් පනස් දහසක මුදලක් කොල්ල කා දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ මැණික් ගලක් විකිණීමට මෙම හෝටලයට පැමිණි ව්‍යාපාරිකයෙකුගෙන් එය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා ඔහු බියවද්දා පැහැර ගෙන ගොස් ඊයේ දහවල් මෙම කොල්ලය සිදු කර ඇති බවයි.
පසුව මොවුන් මුදල් නොදුනහොත් ව්‍යාපාරිකයා ඝාතනය කරන බවට පවසා රුපියල් 50,000ක් කොල්ලකා, මොහුව මහ මඟ දමා පලාගොස් තිබෙනවා.