Gossips

මීගමුවේදී මත්කුඩු කිලෝ 8ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

මීගමුව – පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ ඈෂ් මත්ද්‍රවය කිලෝ 3ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රවය තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු මෝටර් රථයකින් මෙම මත්ද්‍රවය ප්‍රවාහනය කරමින් තිබියදී පළමුවෙන් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නිවසේ සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සහ ඈෂ් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 3ක් සොයාගෙන ඇති බව සඳහන්.
එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 29 හැවිරිදි සැකකරු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.