Gossips

මීගමුවේදී කොල්ලකල්ලියක තුන්දෙනෙකු අල්ලයි

පසුගිය ජනවාරි 8 වනදා ආධාර එකතු කරන මුවාවෙන් මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි හිමිකරුට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කොල්ලකෑ රුපියල් එක්ලක්ෂ 70,000 ක මුදලින් කොටසක් සහ කොල්ලකෑම සදහා පැමිණි යතුරුපැදියක් ද පොලිස් භාරයට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 ක්, 36ක් සහ 37 ක් වන කොච්චිකඬේ සහ කටාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.