Gossips

මි පනා ඔයේ අතුරුදන් වූ හමුදා සෙබළාගේ සිරුර සොයාගැනේ

උඩුපුස්සැල්ලාව මඩුල්ල ප්‍රදේශයෙන් ගලා බසිනා මි පනා ඔයේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව අතුරුදන් වූ හමුදා සෙබළාගේ සිරුර ඊයේ (06) සවස සොයාගෙන තිබෙනවා.
පසුගිය සිකුරාදා (01) මී පනා ඔයේ දිය නෑමට හමුදා සෙබලා අතුරුදන් වී තිබුණා.
දින පහකට පසු ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ මන්නාරම හමුදා කඳවුරේ නිලධාරින් විසින්.
මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු පියෙක්.
ඔහු මන්නාරම හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුපුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.