Gossips

මිහින්තලේ වෙළඳසැලකින් ලක්ෂ 11 කට වැඩි මුදලක් සොරකම් කළ 4 ක් පොලිස් දැලේ

අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලුවී මුදල් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 15 වනදා අලුයම 1.30 ට පමණ වෙළඳසැලට ඇතුලුවී රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සැකකරුවන් සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු අදාළ වෙළඳ සැලේ මීට පෙර සේවය කළ පුද්ගලයෙක් වන අතර දර්ශණ ඔස්සේ සිදු කළ විමර්ශණයකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා.
මෙම සැකකාර තරුණයන් 4 දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති පුද්ගලයන් බව සඳහන්.
සොරකම් කරන ලද මුදලින් රුපියල් අසු දහසක් සොයාගෙන ඇති අතර අනෙක් මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට වියදම් කර ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.
අවුරුදු 19 ත් 26 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.