Gossips

මිහින්තලේ පුද බිමේ පරිවාර චෛත්‍යයක් මත නැග ඡායාරූප ලබා ගත් දෙදෙනා වරද පිළිගනී – 50,000 බැගින් දඩ

අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේදී අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා එම චෝදනාවන්ට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ අද නියෝග කළේ.
මෙලෙස දඩ නියම වූයේ මුතූර් ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුටයි.
පසුගිය මස 14 වනදා මිහින්තලේ පුද බිමේ පිහිටි පරිවාර චෛත්‍යයක් මත නැග ඡායාරූප ලබා ගනිමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනා මිහින්තලයට පැමිණ තිබුණේ විනෝද චාරිකාවක් සදහායි.