Gossips

මිහින්තලේ පරිවාර දාගැබක නැග ඡායාරූප ගත් තරුණයින් යළි රිමාන්ඩ්

අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේදී අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 27 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එහිදී තරුණයින්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
පසුගිය 14 වනදා මෙලෙස දාගැබ මත නැග ඡායාරූප ගැනීමේදී පුරාවිද්‍යා නිලධාරීන් භාරයට ගනු ලැබුවා.