Gossips

මිහින්තලය පෞරාණික දාගැබක් මත නැග ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර – මිහින්තලය පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාරක දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් දෙදෙනා අද උදෑසන මෙලෙස දාගැබ මත නැග ඡායාරූප ගෙන ඇති බවටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පොලීසියට දැනුම්දී ඇත්තේ.
නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනා විනෝද චාරිකාවක් සදහා මිහින්තලයට පැමිණ තිබෙනවා.
දාගැබ මත නැගුණු එක් සිසුවෙකුගේ ඡායාරූප අනෙක් සිසුවා විසින් ලබාගෙන ඇති අතර, ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.