Gossips

මිහිතලයේ උණුසුමට ගැන ලෝක කාලගුණ සමුළුවේ අවධානයට

ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් පෝලන්තයේ කිටොවයිස් නුවර ඊයේ පැවැත්වුණා.
මෙම සමුළුවට හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරුන් හතර දෙනෙකු ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිහිතලය උණුසුම්වීමට මිනිස් සංහතියේ ප්‍රතිචාරය තීරණාත්මක අවස්ථාවක බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
ගෝලීය උෂ්ණත්වය පාලනය කරගැනීමට සියලූ රටවල කැපවීම අනිවාර්ය බවයි එහිදී තීරණය වී ඇත්තේ.
වසර 2030 වනවිට සියයට 45 කින් අහිතකර වායූ පරිසරයට මුදාහැරිම පාලනය කර නොගතහොත් පෘථිවිය දැඩි පාරිසරික අර්බුදයකට ලක්විය හැකි බවයි ඔවුන් පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව ලොව සියලූ රටවල් අහිතකර වායූ පරිසරයට මුදාහැරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවටයි ප්‍රකාශ වුණේ.