Gossips

මිසයිල ප්‍රහාරය ගැන ඊශ්‍රායලයට චෝදනා

මධ්‍යම සිරියාවේ හොම්ස් නගරය ආසන්නයේ පිහිටි ටී-ෆෝ ගුවන් හමුදා කඳවුරට අද අලූයම මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ඊශ්‍රායලය විසින් බවට සිරියානු රජය චෝදනා කළා.
එෆ්. – 15 වර්ගයේ ප්‍රහාරක යානා මගින් ලෙබනන ගුවන් තලය හරහා මෙලෙස මිසයිල ප්‍රහාරයක් එල්ලකළ බවයි සිරියානු රජයේ ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.
සිරියානු කැරළිකරුවන් නියෝජනය කරන නිරීක්ෂණ කණ්ඩායමක් සඳහන් කළේ ප්‍රහාරයෙන් ඉරාන භටයන් ඇතුලූ 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ටී – ෆෝ ලෙස හඳුන්වන මෙම කඳවුරේ සිට තම ගුවන් තලයට ඩ්‍රෝන් යානා එවූ බවට ඊශ්‍රායලය පසුගිය පෙබරවාරියේදී ඉරානයට චෝදනා කළා.
ඉන් අනතුරුව ඔවුන් සිරියාවට ගුවන් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබුවා.
කෙසේ නමුත් අද (09) ප්‍රහාරය තමන් එල්ල නොකළ බව ඇමරිකාව ප්‍රකාශ කළ අතර, ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.