Gossips

මිල සූත්‍රයක් ගැන ඛනිජ තෙල් අමාත්‍යාංශය තවමත් බලාපොරොත්තුවෙන්

ඉන්ධන අලෙවියෙන් අඛණ්ඩව පාඩු ලැබීමට කඩිනම් විසඳුමක් මුදල් අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ තමන් මිල වැඩිවීමක් හෝ අඩුවීමක් නොව පාඩු පියවා ගැනීමේ ක්‍රමවේදයක් පමණක් ඉල්ලා සිටි බවයි.
එමෙන්ම සංස්ථාව බදු සහන සහිත මිල සංශෝධනයක් අපේක්ෂා කරන බව එහි සභාපතිවරයා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයන්ට ගැළපෙන මිල සූත්‍රයක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාශය කටයුතු කරමින් සිටින බව සඳහන්.
ඉන්ධන මිල සූත්‍රය ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත ණය ආධාර වැඩසටහනේ මීළඟ ඇගයීමට පෙර ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල පසුගියදා ප්‍රකාශ කළා.
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට පවතින්නේ ඇමරිකානු ඩොලර් 75 කට ආසන්න මට්ටමකයි.