Gossips

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ ගිය හැටි

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 132 ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ යන අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 159ක් ලෙස සටහන් වනවා.
ඔටෝ ඩීසල් ලීටරයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් ඉහළ ගිය අතර, එහි නව මිල රුපියල් 104ක්.
එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 134 ක් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය මස 11 වන දායි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දැමුණා.
කෙසේ වෙතත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විෙජ්රත්න සඳහන් කළේ.