ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙස, ගෑස් බෙදාහරින සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ නමුත් එම ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් සළකා බැලීමක් සිදු කර නොමැති බව එම අධිකාරියේ ප්රකාශකයෙකු සඳහන් කළා.
හිරු ප්රවෘත්ති අංශය මේ පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ මුදිත පීරිස්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුගිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස දෙකේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙටි්රක් ටොන් 1 ක මිල ඇමරිකානු ඩොලර් 595 ක් දක්වා ඉහළගොස් ඇති බවයි.
එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් අවප්රමාණය වීමද මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට සඳහා හේතුවී ඇති තවත් කරුණක්.
සෑම වසරකම මාස 2 කට වරක් ගෑස් සමාගම් ලෝක වෙළඳපොලේ ගෑස් මිල පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම්වත් කරනු ලබනවා.
ඒ අනුවයි ගෑස් මිල වැඩි කිරීම හෝ අඩුකිරීම සම්බන්ධයෙන් එම සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ.
දැනට කිලෝග්රෑම් 12.5 ක ප්රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1733 ක්ව පවතින අතර, මෙලෙස රුපියල් 359 කින් මිල ඉහළ දැමුවහොත් එය රුපියල් 2092 දක්වා ඉහළ යනු ඇති.