අතුරුගිරිය – මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණ කණ්ඩායමක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 20 ත් 30 ත් අතර, සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියක මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බව සඳහන්.
ඔවුන් සන්තකයේ තිබී, ටී – 56 උණ්ඩ 44 ක්, කඩු 5 ක් සහ හෙරොයින් ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම උණ්ඩ යොදා ගත් ගිනි අවිය සොයා පොලීස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෙම කණ්ඩායම රැඳී සිටි නිවස කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ආයුධ තොගය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන්.