රුපියල් මිලියන 6 කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි අයෙකු බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
