Gossips

මිලියන 500ක රහස් ගනුදෙනුවකට, රජයේ ඉහළ නිලධාරීන් 6කගේ වැඩ තහනම්

ලංකා සතොස ආයතනයේ ඉහල කළමනාකාරීත්වය විසින් එහි නිලධාරීන් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ව්‍යාජ සුදුසුකම් සහතික ඉදිරිපත් කිරීම සහ රුපියල් මිලියන 500ක මිලදී ගැනීම් සහ නිකුත් කිරීම්, ප්‍රධානීන්ට නොදන්වා සිදු කිරීම යන චෝදනා යටතේයි ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ.
අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු ඇතුළු තවත් කළමණාකරුවන් තුන්දෙනෙකු මෙලෙස වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
එමෙන්ම එම ආයතනයේ තවත් සහකාර කළමනාකරුවෙකුගේ ද වැඩ තහනම් කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාලවයි මොවුන්ගේ වැඩතහනම් කර ඇත්තේ.