රුපියල් මිලියන 388 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 32 යි ග්‍රෑම් 329 ක් සමඟ 23 හැවිරිදි බංග්ලාදේශ ජාතික කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මෙම කාන්තාව මීට පෙර මෙරට තුළදී සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් රැසකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඇය රත්මලාන – දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ කුලී පදනම රැඳී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
