Gossips

මිලියන 36ක් වටිනා හෙරොයින් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 3 ක් සමග අඹුසැමි යුවළක් කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ.
ලැබුනු තොරතුරකට අනුව අද (30) සවස ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගෙන තිබුනා.
පසුව සිදු කළ වැඩිදුර විමර්ශණවලදී සැකකාර යුවළගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 3 කට අධික ප්‍රමාණයක් සහිත පාර්සල් 3 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 36 ක් පමණ වන බව පොලිසිය සඳහන් කළා.
සැකකරුගේ වයස අවුරුදු 34 ක් වන අතර සැකකාරියගේ වයස අවුරුදු 36 ක්.
සිද්ධිය පිළිබඳ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය තවදුරටත් විමර්ශණ සිදු කරනවා.