ශ්‍රී ලංකාවේ මෙවර අඹ අස්වැන්න මිලියන 300 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අස්වනු කළමනාකරණ ආයතනයේ දත්තවලට අනුව යාපනය, අනුරාධපුරය, අම්පාර, මහනුවර – බෝගහකන්ද, පේරාදෙනිය සහ වැල්ලවාය වැනි ප්‍රදේශවල පිහිටි අඹ සැකසුම් කලාපවල දිනකට අඹ ගෙඩි මිලියන 15ක පමණ නෙලා ගන්නා බවයි.
