රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සහ ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල රේගුව අද අත්අඩංගුවට ගත්තා.
කුවේට් සිට පැමිණි ඇය රන් සහ ස්වර්ණාභරණ සිය ශරීරයේ සඟවාගෙන රැගෙන විත් ඇති අතර, ඒවායේ බර කිලෝග්‍රෑම් 5 කට අධිකයි.
30 හැවිරිදි සැකකාර කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
