හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 49ක් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථ ගාලකින් සොයාගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ මෙහෙයුමකදීයි.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945ක්.
එය මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදුකළ විශාලතම හෙරොයින් වැටලීම ලෙසටයි සැලකෙන්නේ.
වෑන් රථ දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
