Gossips

මිලියන 24කට අධික හෙරොයින් කටුනායකදී අල්ලයි (ඡායාරූප)

රුපියල් මිලියන 24.5ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 35 ක් වයසැති පුද්ගලයා සහ 29 හැවිරිදි කාන්තාව චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේදී ඔවුන්ගේ ගමන් මළුවල පතුලේ සඟවාගෙන හෙරොයින් තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ සිට මේ දක්වා අවස්ථා 8 කදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් සමඟ පුද්ගලයින් 29,594 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 178 යි ග්‍රෑම් 197 ක්.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල