Gossips

මිලියන 2000 කට අධික හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බේරුවලදී අත්අඩංගුවට

රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බේරුවල සහ බලපිටිය අතර මුහුදේ දී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී බෝට්ටුවකින් මෙම මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝ 231 යි ග්‍රෑම් 54 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
38 සහ 34 වියේ පසුවන සැකකරුවන් බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ දෙවන විශාලම වැටලීම වන අතර, 2013 වසරේදී රේගුව සමඟ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ 260 කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවා.