කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 66 ක් මේ වන විට පිටතට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඒවායෙහි බර ග්‍රෑම් 500 ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 140 කට අධික බවයි පොලිසිය කියාසිටියේ.
ඔහු ඊයේ උදෑසන 10.45 ට පමණ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබුනා.
සැකකරු කොකොන් රැගෙන එන බවට ලැබුනු තොරතුරකට අනුවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරනු ලැබුවේ. එහිදී අනාවරණ වී තිබුනේ සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල ඇති බවටයි.
ඒ අනුව මෙම පුද්ගලයා ගිලින ලද කොකේන් ගුලි 66 ක් මේ වන විට පිටතට ගෙන තිබෙනවා.
සැකකාර බ්‍රසීල ජාතිකයා සම්බන්ධයෙන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය කියාසිටියේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.