රුපියල් මිලියන 13 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පාදුක්ක ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරු ළඟ තිබී හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 100 ක් පොලිස් භාරයට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමීර රසාංග ගුණසේකර හෙවත් හයිබ්‍රිඩ් සුද්දා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටයි වාර්තාවන්නේ.
මොහු අංගොඩ, හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.